Govdoc Blog

වාහන අංකයේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන ලබාදෙන දින සංශෝධනය කෙරේ

Fuel

QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය යටතේ වාහන අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කිරීමේ දින සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ඉන්ධන ලබාගත හැකි සංශෝධිත දින පහතින්.

* 0, 1, 2 – අඟහරුවාදා සහ සෙනසුරාදා
* 3, 4, 5 – බ්‍රහස්පතින්දා සහ ඉරිදා
* 6, 7, 8, 9 – සඳුදා, බදාදා සහ සිකුරාදා

​මේ අතර QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය සඳහා අද (19) දිනය වන විට මිලියන 2 ක් සාර්ථකව ලියාපදිංචි වී තිබෙන බ​ව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

මෙම QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය ලබන 21 වනදා සිට 24 වනදා දක්වා කොළඹ ස්ථාන කිහිපයකදී පරික්ෂණ මට්ටමෙන් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව, 25 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා නිකුත් කළ Twitter පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

QR

(Visited 27 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular