Govdoc Blog

ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

Cricket

පාකිස්ථානය සමඟ පැවති 02 වන ටෙස්ට් තරගයෙන් ලකුණු 246ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමට රැස් කළ ලකුණු 508ක ඉලක්කය හඹා යමින් සිටි පාකිස්ථාන කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 261ක් පමණයි.

පාකිස්ථාන කණ්ඩායම වෙන‍ුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ බාබර් අසාම් ලකුණු 81ක් රැස් කරගැනීමට සමත්වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවිමේ දී ප්‍රභාත් ජයසූරිය ලකුණු 117කට කඩුළු 05ක් සහ රමේෂ් මෙන්ඩිස් ලකුණු 101ක‍ට කඩුළු 04ක් ලබාගැනීමට සමත්වුනා.

ඒ අනුව තරඟාවලිය 1-1ක් ලෙස ජය පරාජයකින් තොරව අවසන් වුනා.

(Visited 51 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed