Govdoc Blog

ආසියානු කුසලාන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ශ්‍රී ලංකාවට

Asia Cup

මෙවර ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස තරඟයේ සුපිරි 4 දෙනාගේ වටයේ ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටිනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු 4 ලබාගෙන පළමු ස්ථානයේ සිටින අතර ප්‍රසාද ලකුණු 2 ක් ලබාගෙන පාකිස්ථාන කණ්ඩායම දෙවන ස්ථානයේ පසුවනවා.

ඉන්දියාව හා ඇෆ්ගනිස්ථානය සුපිරි 4 දෙනාගේ වටයේ ඔවුන් මුහුණ දුන් තරඟ දෙකම පරාජයට පත්ව ප්‍රසාද ලකුණු සටහනේ තුන සහ 4 ස්ථානවල රැඳී සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (06) පැවති ඉන්දියාව සමඟ තරඟය ජය ගැනීමත් සමඟ තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු ඉහළ මට්ටමක රදවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිව තිබෙනවා.

Cricket

(Visited 109 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed