Govdoc Blog

අද සිට QR කේත ක්‍රමය යටතේ පමණක් ඉන්ධන නිකුත් කෙරේ

Fuel

ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් QR Code ක්‍රමය යටතේ ඉන්ධන නිකුත් කිරීම ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා පිහිටි පිරවුම්හල්වලින් ආරම්භ විය.

ඒ අනුව අද (අගෝස්තු 01) සිට දිවයින පුරා පිහිටි සියලුම ඉන්ධනහල්වලින් QR කේත ක්‍රමය සහ කෝටා ක්‍රමය යටතේ පමණක් ඉන්ධන නිකුත් කෙරේ.

ඒ අනුව මෙතෙක් ක්‍රියාත්මකව තිබූ අංක තහඩුවේ අවසන් අංකය පදනම් කරගත් ක්‍රමය, සංකේත ක්‍රමය ඇතුළු අනෙකුත් පද්ධති අද සිට වලංගු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වලින් තමන්ට අදාළ ඉන්ධන කෝටාව ලබාගැනීමට සතියක කාලයක් පවතින බැවින් අද සිට ඉන්ධනහල්වල පෝලිම් ගැසී තදබදය ඇතිකිරීමෙන් වළකින ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඉන්ධන බෙදා හැරීමේදී QR කේත ක්‍රමය අනුගමනය කරන ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රමුඛත්වය ලබා දෙන අතර ඉන්ධන පිරවුම්හල් වෙත බෙදාහරින ඉන්ධන තොගවලින් QR කේතය භාවිතයෙන් නිකුත් කරන ඉන්ධන නිරීක්ෂණය කර බෙදාහැරීම ඉදිරියේදී සිදුකිරීමට නියමිතය.

මේ අතර විදුලි ජනක යන්ත්‍ර, උද්‍යාන උපකරණ, යන්ත්‍රෝපකරණ සහ ඉන්ධන අවශ්‍ය අනෙකුත් උපකරණ භාවිත කරන පුද්ගලයන් තමන්ට අවශ්‍ය ඉන්ධන වර්ගය, සතිපතා ඉන්ධන අවශ්‍යතා සහ ඉන්ධන ලබා ගැනීමට බලාපොරොත්තු වන පිරවුම්හල තෝරාගෙන අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචි විය යුතුය.

ඒ ඒ පොලිස් ස්ථාන සඳහා තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වලින් වෙන් කරන ලද කෝටාව පොලිස් දෙපාර්තමේන්තුවට ලබා දෙන අතර එම ඉන්ධන පිරවුම්හල්වලට ලබාදෙන කෝටාව ඉදිරියේදී දැනුම් දෙනු ඇත.

එමෙන්ම ඉන්ධන තොග ගබඩා කිරීමේදී, අලෙවි කිරීමේදී හෝ නීතිවිරෝධී ලෙස ඉන්ධන සැපයීමේදී උපදෙස් පිළිනොපදින පිරවුම්හල් සහ පුද්ගලයින් පිළිබඳ ඡායාරූප හෝ වීඩියෝ සාක්ෂි 074 21 23 123 WhatsApp අංකයට එවීමට පියවර ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය දැනුම් දෙනවා.

(Visited 100 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed