Govdoc Blog

විදුලි කප්පාදුව හෙට සිට දීර්ඝ වෙයි

Electricity

බිඳවැටීමට ලක්වූ නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයේ බිඳවැටීම අලුත්වැඩියා කටයුතු සඳහා ආසන්න වශයෙන් දින 14 -16 අතර කාලයක් ගතවනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව අද (15) දිනයේ විදුලි කප්පාදුව සාමාන්‍ය පරිදි පැය 1 යි විනාඩි 20 ක කාලයක් සිදු කරන බවත් හෙට (16) සිට සුදුසු පරිදි දීර්ඝ කරන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.

මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලැබුණු පසු විදුලි කප්පාදුව පිළිබඳ නිල නිවේදනය නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

හෙට (16) සිට ලබන 19 වනදා දක්වා පැය 3 ක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩ සඳහා දිවා කාලයේ පැය 1 යි විනාඩි 40 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 ක විදුලිය කප්පාදුවක් සිදු කෙරෙනවා.

එසේම CC කාණ්ඩය සඳහා උදෑසන කාලයේ පැය 2 යි විනාඩි 30 විදුලිය කප්පාදුවක් සිදුවන අතර M, N, O, X, Y, Z කාණ්ඩ සඳහා පැය 3 ක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.

 

PUCSL

(Visited 47 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed