HelaPOS QR කේත නිර්මාණ සේවාව
POS machine එකක් නැති, කුඩා පරිමාණ ව්යාපාර සඳහා අමතර ගාස්තු කිසිවක් නැතිව රු.5000 දක්වා QR payments ගන්න මේ ඇප් එක භාවිතා කරන්න පුළුවන්.මේ ඇප් එක install කරගෙන ව්යාපාරයේ විස්තර ලබාදීලා ලියාපදිංචි වෙලා, තමන්ටම මේ හරහා ඉතා පහසුවෙන් QR code එකක් හදාගන්න පුළුවන්. ඒ හදාගන්න QR code එක, print කරලා තමන්ගේ කඩේ ප්රදර්ශනය කරලා තියන්න පුළුවන්, එන අයට එය scan කරලා ඔබට මුදල් ගෙවීම් කරන්න.එහෙම නැත්තං ඔබට පුළුවන් හැම ගනුදෙනුවකටම, අදාළ මුදල ඇතුළත් කරලා dynamic QR code එකක් ඔබේ phone එකෙන් generate කරලා, phone එකේ දිස්වන QR code එක කඩේට එන අයට පෙන්වන්න.ඒ මොන ක්රමයෙන් ඔබ QR ගෙවීමක් ගත්තත්, අදාළ ගෙවීම සාර්ථකද නැද්ද යන වග ඔබට මේ ඇප් එකට එන Notifications හරහා පහසුවෙන් දැනගන්න පුළුවන්.Google Play Store හෝ Apple App Store හි “HelaPOS” ලෙස search කිරීමෙන් ඔබට මේ ඇප් එක install කරගෙන අදම ඔබේ ව්යාපාරයටත් QR එකක් හදාගන්න පුළුවන්.
ඔබේ සාප්පුවට QR කේතයක් ලබා ගන්නේ කෙසේද : පිවිසෙන්න
ඔබට සහ කාර්යමණ්ඩල සාමාජිකයන්ට QR ගෙවීම පිළිබඳව Notification ලබාදෙන්න පුළුවන් ආකාරය : පිවිසෙන්න
වැඩි විස්තර : පිවිසෙන්න



govdoc blog
Add comment