Govdoc Blog

දේශීය මත්පැන් සඳහා වෙනම ඇප් එකක්

Excise

නියම ප්‍රමිතියෙන් යුතු දේශීය මත්පැන් බෝතල් හඳුනාගැනීම සඳහා විශේෂ පරිගණක යෙදවුමක් (ඇප්) පාරිභෝගිකයන්ට ඉදිරි දෙසතියේදී හඳුන්වා දීමට කටයුතු කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා පැවැසීය.

එම පරිගණක යෙදවුම මීට පෙර හඳුන්වා දීමට නියමිතව තිබුණද තාක්ෂණික ගැටළුවක් නිසා එය ප්‍රමාද වූ බවද හෙතෙම සඳහන් කළේය.

මෙම පරිගණක යෙදවුම මත්පැන් බෝතල් වල ඇති ස්ටිකරයට ඇල්ලීමෙන් එය නිෂ්පාදනය කළ නිෂ්පාදකයාගේ සිට සියලු විස්තර පාරිභෝගිකයාට දැන ගැනීමට හැකි වන බව පැවසූ කොමසාරිස් ජනරාල්වරයා ව්‍යාජ මත්පැන් නිෂ්පාදන වෙළෙඳපොළට ඇතුළු වීම වැළැක්වීම මෙහි ප්‍රධාන අරමුණ බවද සඳහන් කළේය.

ආනයනික විදේශීය මත්පැන් සඳහා මෙම පරිගණක යෙදවුම දැනටමත් හඳුන්වාදී ඇතැයිද ගුණසිරි මහතා කීවේය.

දේශීය මත්පැන් සඳහා ස්ටිකරය නිකුත් කිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන්වී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

(Visited 77 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed