Govdoc Blog

ජනවාරි මාසයේ සිට විදුලි බිල්පත් මාර්ගගත ක්‍රමයට

electricity-bill
electricity-bill

ලබන ජනවාරි මාසයේ සිට විදුලි බිල් සහ ගෙවුම් සහතික, මාර්ගගත ක්‍රමයෙන් පමණක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

විදුලිබල මණ්ඩලයේ විදුලිය බෙදාහැරීමේ අංශයේ අතිරේක සාමාන්‍යධිකාරීවරුන් සහ නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරන්නේ.

මේ අතර 2021 වර්ෂයේ වැඩ ආරම්භ කර ඇති විදුලිබල මණ්ඩලයේ නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නවතන ලෙසද අමාත්‍යවරයා දැනුම්දී තිබෙනවා.

එසේම වීදි ලාම්පු සවි කිරීම සහ වීදි ලාම්පු ක්‍රියාත්මක කිරීම නියාමනය කිරීමටත්, වර්තමාන කාර්ය මණ්ඩලයෙන් කළ යුතු බාහිර සේවා සහ විදුලිබල මණ්ඩලයට කළ නොහැකි ව්‍යාපෘති පළාත් පාලන ආයතනවල සහාය ඇතිව කිරීමටත් තීරණය කළ බවත් අමාත්‍යවරයා කීය.

(Visited 92 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed