Govdoc Blog

2022 වසරේ Google හි වැඩිපුරම සෙවූ වචන ලැයිස්තුව

Google Searches
Google Searches

2022 වසරේ Google හි වැඩිපුරම සෙවූ වචන පිළිබඳ ලැයිස්තුවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජනප්‍රිය ඔන්ලයින් ක්‍රීඩාව වන Wordle ගෝලීය වශයෙන් ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව තිබෙන බවයි අදාළ වාර්තාවේ දැක්වෙන්නේ.

එම ලැයිස්තුව අනුව ඉන්දියාව සහ එංගලන්තය අතර තරගය, යුක්රේනය, එලිසබෙත් රැජින, ඉන්දියාව සහ දකුණු අප්‍රිකා තරගය 2022 වසරේ ලොව වැඩිම පිරිසක් සෙවූ දෑ අතර ලෙස මුල් ස්ථාන 5 අතරට පත්ව තිබෙනවා.

එසේම FIFA පාපන්දු ලෝක කුසලානය, ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම, iPhone 14, Milwaukee Monster ලෙස හඳුන්වන ඇමරිකානු අනුක්‍රමික ඝාතකයා සහ ලිංගික අපරාධකරුවෙකු වන Jeffrey Dahmer සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022 දී Google හි වැඩිපුරම සෙවූ වචන අතර වන බවයි සඳහන් වන්නේ.

search_List

(Visited 323 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed