Govdoc Blog

විශේෂ ඩෙංගු මර්දන දින දෙකක් ප්‍රකාශයට

Dengue
Dengue

2023 වර්ෂයේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වැළැක්වී‌මේ අරමුණින් 2022 දෙසැම්බර් මස 30 හා 31 දින විශේෂ ඩෙංගු රෝග මර්දන දින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව මෙම දෙදින තුළ සියලුම පුරවැසියන් තම නිවස හා නිවස අවට මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා බලා ඒවා ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

2022 වසරේ දෙසැම්බර් 26 වන දින විට ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 75,434 ක් වාර්තා වී ඇති අතර එය පසුගිය වසරේ වාර්තා වූ ප්‍රමාණයට වඩා දෙගුණයකට වඩා වැඩි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ.

dengue

(Visited 167 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed