Govdoc Blog

සතියක් තුළ ඩෙංගු රෝගීන් 2,000 ඉක්මවයි

dengue

මෙම මස දෙවන සතිය තුළ ඩෙංගු රෝගීන් 2,030 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

පසුගිය 09 සිට 15 වනදා දක්වා කාලය තුළ එම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බව එම ඒකකය සඳහන් කළේය.

අදාළ කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 452ක් වේ.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 417ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 257ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 123ක්,  කල්මුනේ දිස්ත්‍රික්කයෙන් 107ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් රොගීන් 103ක් වාර්තා වී ඇති බව සඳහන්ය.

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 4,172දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ සඳහන් කළේය.

(Visited 142 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed