Govdoc Blog

උපයනවිට බද්ධ වෙනස් වේ

TAX

වැටුප් මත බදු අය කිරීමේදී පෞද්ගලික ප්‍රතිලාභ සලකාබලන සීමාවන් සංශෝධනය කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව නිවාස සඳහා දැනට රුපියල් ලක්ෂ දෙකට අඩු ආදායම් ලබන පුද්ගලයින්ගෙන් රුපියල් 20,000 ක් හෝ මුළු වැටුපෙන් 12.5% ක් ලෙස සහ රුපියල් ලක්ෂ දෙකට වඩා ආදායම් ලබා ගන්නා පුද්ගලයින්ගෙන් රුපියල් 40,000 ක් හෝ වැටුපෙන් 12.5% ක් ලෙස සැලකූ ප්‍රතිලාභය මූලික වැටුපෙන් 12.5% ක් ලෙස සංශෝධනය කිරීමට කටයුතු කර තිබෙනවා.

ගෘහ භාණ්ඩ වෙනුවෙන් වූ රුපියල් 5,000 හෝ වැටුපෙන් 2.5% ක ප්‍රතිලාභයද චක්‍රලේඛයෙන් ඉවත් කර ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ.

එසේම වාහන සඳහාද ඇන්ජින් ධාරිතාව ඝන සෙන්ටිමීටර් 1800 ට අඩු සහ වැඩි ලෙස පිළිවෙලින් රුපියල් 50,000 සහ 75,000 ලෙස සැලකූ ප්‍රතිලාභය වාහනය සඳහා රුපියල් 20,000 ක්, රියදුරු සඳහා රුපියල් 10,000 ක් සහ ඉන්ධන සඳහා රුපියල් 20,000 ක් ලෙස සංශෝධනය කර ඇති බවද සඳහන්.

මේ අතර 100% ක් බද්දට යටත් වූ දුරකථන දීමනාවෙන් 25% ක් පමණක් ප්‍රතිලාභ ලෙස නව සංශෝධන මඟින් සලකන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්,

tax

(Visited 61 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed