Govdoc Blog

සමෘද්ධි බැංකු නිලධාරීන් අද වැඩ වර්ජනයක

samurdhi

අද (06) දිනයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වන බව සමස්ත ලංකා සමෘද්ධි බැංකු සංගම් හා කාර්යාල නිලධාරීන්ගේ සංගමය පවසනවා.

සිය ඉල්ලීම්වලට නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් අද (06) දින අසනීප නිවාඩු වාර්තා කරන බව සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහ සංගම් සහ කාර්යාල නිලධාරී සංගමය පවසයි.

එම සංගමයේ සභාපති එන්.ඒ.එම්.අයි.බී.අබේසිංහ මහතා සඳහන් කළේ, සමෘද්ධි සේවක සංයුතිය සහ දීමනා ගැටලුවක් මුල් කරගනිමින් ඔවුන් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවය.

සිය වර්ජනය සඳහා තවත් සංගම් කිහිපයක් ද සහය දැක්වීමට කැමැත්ත පළ කර ඇති බව එන්.ඒ.එම්.අයි.බී.අබේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේවෙතත් ආර්ථිකමය වශයෙන් රට අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති අවස්ථාවක මෙවැනි වර්ජන ක්‍රියාත්මක කිරීම සාධාරණ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසුවේය.

මේ අතර දීමනා ගැටලුවක් මුල් කරගනිමින් ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කර තිබේ.

එම සංගමයේ සම කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා පැවසුවේ, බලධාරීන්ගෙන් සිය ගැටලුවලට විසඳුම් ලබාදෙන තෙක් අඛණ්ඩව එම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදුකරන බවය.

 

(Visited 223 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed