Govdoc Blog

ජූලි මාසයේ විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාව මහජන උපයෝගීතා කොමිසම වෙතට

ceb price

ජූලි මස 01 වන දින සිදු කල යුතු විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව විදුලිබල මණ්ඩලය විසින් සකස් කරනු ලැබූ විදුලි ගාස්තු යෝජනාව අද සවස මහජන උපයෝගීතා කොමිසම වෙත භාරදී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

රජයේ ප්‍රතිපත්ති තීරණ සහ විදුලි ගාස්තු සංශෝධන යෝජනා ඉදිරිපත් කල යුතු ක්‍රියාවලිය අනුගමනය කරමින් සෑම වර්ෂයකම දෙවතාවක්, එනම් ජනවාරි 01 වනදා සහ ජූලි මස 01 වනදා සිදු කල යුතු විදුලි ගාස්තු සංශෝධනයට අනුකූලව එය සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

විදුලිබල මණ්ඩලය විසින් එම යෝජනාව සකස් කිරීමේදී සත්‍ය විදුලිය ජනන දත්ත සහ විදුලිය විකුණුම් දත්ත ද, ඉන්ධන, ගල් අඟුරු සහ අනෙකුත් අමුද්‍රව්‍ය සත්‍ය මිල ගණන් ද ඇතුළත්ව එම යෝජනාව සකස් කර ඇති බවයි සඳහන් වන්නේ.

එසේම 2023 විදුලි ජනන සැලසුම සහ විදුලි අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින්, විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී එහි උපරිම ප්‍රතිලාභය, විදුලිය අඩු වශයෙන් භාවිතා කරන පාරිභෝගිකයන් වෙත ලබා දීම අරමුණු කර ගෙන එම යෝජනාව සකස් කර ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර Twitter පණිවිඩය මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

අදාළ Twitter පණිවිඩය පහතින්,

kanchana_twit

(Visited 79 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed