Govdoc Blog

ජුනි මාසයේ සිට පාස්පෝට් නිවසේ සිටම අයදුම් කළ හැක

Passport

ජුනි මාසයේ සිට පාස්පෝට් නිවසේ සිටම අයදුම් කර දින තුනකින් ලබාගත හැකි ක්‍රමවේදයක්

ජුනි මාසයේ සිට විදෙස් ගමන් බලපත්‍රය සඳහා නිවසේ සිට​ම ඉල්ලුම් කිරීමට හැකි ක්‍රමවේදයක් නිර්මාණය කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනු​ව දිස්ත්‍රික්ක 25 ක ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50 ක් තුළ ඇඟිලි සලකුණු යන්ත්‍ර සවිකර ඒ සඳහා නිලධාරීන් පුහුණු කිරීමද අවසන් කර ඇති බවයි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේ.

දෙපාර්තමේන්තුවට අයදුම්පත්‍රය Online ක්‍රමය ඔස්සේ යොමුකර අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඇඟිලි සලකුණු හා ඡායාරූප ලබා ගැනීමෙන් අනතුරුව ගමන් බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය ගාස්තු ගෙවී​ම Online මාර්ගයෙන් හෝ ලංකා බැංකු ඕනෑම ශාඛාවකින් සිදුකළ හැකි බවද ඔහු සඳහන් කළා.

ඉන් අනතුරුව දින තුනක් තුළ ගමන් බලපත්‍රය තැපැල් දෙපාර්තමේන්තුව හරහා නිවසට ලබාදීමේ මූලික වැඩ කටයුතු මේ වන විට අවසන් කර ඇති බවයි ආගමන විගමන පාලක ජනරාල්, හර්ෂ ඉලුක්පිටිය වැඩිදුරටත් සඳහන් කළේ.

(Visited 151 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed