Govdoc Blog

ගුරු පත්වීම් අපේක්ෂකයින්ට සුබ ආරංචියක්

Teacher

ගුරු පත්වීම් අපේක්ෂකයින්ට සුබ ආරංචියක්

 

එළඹෙන අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසු බස්නාහිර පළාත් ගුරු පුරප්පාඩු රැසක් පිරවීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත අද (අප්‍රේල් 1) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ගුරු විභාගයෙන් සමත් වූ 2,400ක් පිරිස සඳහා මේ වන විට පත්වීම් ලබා දී ඇති බවත් ඉතිරි පිරිසට එළඹෙන අප්‍රේල් නිවාඩුවෙන් පසු පත්වීම් ලබා දීමට කටයුතු කරන බව ත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

“විභාගයෙන් සමත් වූ 2400ක් සඳහා මේ වන විට පත් වීම් ලබා දී තිබෙනවා. ගුරු වර්ගය අනුව තමයි මෙම පිරිස තෝර ගෙන තිබෙන්නේ. අප්‍රේල් නිවාඩුවෙන් පසු ඉතිරි පිරිස බඳවා ගැනීමට බස්නාහිර පළාත් සභාව මේ වන කටයුතු කරමින් යනවා.”

උපාධිධාරින් 40,000ක් පමණ විරැකියාවෙන් පෙළෙන බවට විපක්ෂ නායකවරයා සිදු කරන චෝදනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, මේ වන විටත් විද්‍යාව, තාක්ෂණය වැනි විෂයයන් ඉගැන්වීම සඳහා උපාධිධාරින් 2,700ක් තෝරාගෙන ඇති බව ය.

උපාධිධාරින් ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ විභාගය පවත්වා ඇති බව ත්, එම විභාගයේ ප්‍රතිඵල අනුව හැකි ඉක්මිනින් බඳවා ගැනීම් සිදුකරන බව ත් ඔහු පැවසීය.

එමෙන් ම, උසාවි නියෝගය ඉවත් වූ නිසා තවත් 13,000ක් පමණ පිරිස බඳවා ගැනීමට කටයුතු කරන බව සඳහන් කළ අමත්‍යවරයා පැවසුවේ, වැඩබලන විදුහල්පතිවරුන් බඳවා ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කරන බව ය.

(Visited 252 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed