Govdoc Blog

ශ්‍රී ලාංකිකයන්ට කොරියාවෙන් නව රැකියා අවස්ථා

Korean

ශ්‍රී ලාංකිකයන්ට කොරියාවෙන් නව රැකියා අවස්ථා

 

ශ්‍රී ලංකාවට නව රැකියා දොරටු රැසක් විවර කරන බව කොරියානු අග්‍රාමාත්‍ය හන් ඩක් සූ මෙරට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඒ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කොරියානු අග්‍රාමාත්‍ය හන් ඩක් සූ ඊයේ (අප්‍රේල් 4) සෝල් නගරයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවූ අවස්ථාවේදී ය.

කෘෂිකාර්මික, ඉදිකිරීම් හා වෙනත් කර්මාන්ත සඳහා තම රටේ රැකියා ලබා දෙන ශ්‍රම බළකායට අමතරව සෞඛ්‍ය සේවා හා වෘත්තික සේවා සඳහා නව රැකියා ලබාදීමේ හැකියාව පිළිබඳව ද කොරියානු අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත.

පසුගිය වකවානුවේ පැවති මූල්‍ය අර්බුදය හමුවේ නැවත නැගී සිටින ශ්‍රී ලංකාවට, තම රට පැරිස් සමාජයේ සාමාජිකයෙ කු ලෙස ඉදිරි කටයුතු සාර්ථකව කරගෙන යාම සඳහා ඒ තුළ සෑම විට ම පෙනී සිටින බව කොරියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.

පුනර්ජනනීය බලශක්ති අවශ්‍යතාව, ධීවර ක්ෂේත්‍රය හා ඒකාබද්ධ ආයෝජන ක්ෂේත්‍රයන්හි දැනට ගිවිසගෙන ඇති ව්‍යාපෘති එලෙස ම ක්‍රියාත්මක කරන අතර, ක්‍රියාත්මක කළ යුතු ඉදිරි ව්‍යාපෘති සඳහා වන පූර්ව කටයුතු සඳහා වන කාලය අවම කිරීමට පියවර ගන්නා ලෙස ද කොරියානු අග්‍රාමාත්‍යවරයා ඉල්ලා ඇත.

පාවෙන සූර්ය බල ශක්ති ඉදිකිරීම් සඳහා වන ඉඩ තව තවත් වැඩි කිරීමේ වැදගත්කම කොරියානු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

කොරියානු ජනතාව ද ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ඉතා ප්‍රියතාවයක් දක්වන බවත්, ලෝකයේ ආකර්ෂණීය ම සංචාරක ගමනාන්තයක් වන ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ වැඩි ඉඩකඩ ලබාදීමට සහය දැක්වීමට ද කොරියානු අග්‍රාමාත්‍යවරයා එකඟත්වය පළ කර ඇත.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යවරයාව සිටියදී, කොරියානු භාෂාව අධ්‍යාපන විෂයක් ලෙස ඇතුළත් කිරීමට ගත් පියවර එහිදී කොරියානු අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක්ව තිබේ.

(Visited 127 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed