Govdoc Blog

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකික සිරකරුවන් 44 දෙනෙකුට රාජකීය සමාව හිමි විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විවිධ බන්ධනාගාරවල සිරගතව සිටි ශ්‍රී ලාංකිකයින් හතළිස් හතර දෙනෙකුට රාජකීය සමාව ලබාදී ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය.

රාමසාන් උත්සවය නිමිත්තෙන් ශ්‍රී ලාංකික සිරකරුවන්ට රාජකීය සමාව ලබාදී ඇති බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට නිල දැනුම්දීමක් ලැබී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැහැදිලි කළා.

රාජකීය සමාව හිමිවූ මෙම ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර දෙනා ඉදිරියේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය රජය විසින් ශ්‍රී ලංකාවට එවනු ඇත.

අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සමීපව කටයුතු කරනු ඇති අතර අදාළ පුද්ගලයින් ආරක්ෂිතව ආපසු පැමිණීමට පහසුකම් සැලසෙනු ඇත.

(Visited 50 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed