Govdoc Blog

මැයි 10 වනදා වන විට විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනා ඉදිරිපත් කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලයට දන්වා ඇත.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවේ, විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනා මැයි 10 වැනිදාට පෙර ලබා දෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දී ඇති බව ය.

අදාළ යෝජනා මැයි මස 01 වැනි දිනට ලැබීමට නියමිත බව PUCSL ප්‍රකාශ කළ අතර, කෙසේ වෙතත් ලංවිම අමතර කාලයක් ඉල්ලා සිටියේය.

ඒ අනුව මහජන උපයෝගිතා කොමිසම විසින් මැයි 10 වැනිදා දක්වා අමතර කාලයක් ලබා දෙන ලදී.

එම යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු විදුලි ගාස්තු අඩු කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කෙරේ.

විදුලි බිල අඩු කිරීමේ ප්‍රතිශත ජූලි මාසයේදී ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

(Visited 86 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed