Govdoc Blog

විදෙස්ගත ශ්‍රමිකයින්ට නිවාස ණය සඳහා නව වැඩපිළිවෙලක්

Housing Loan
Housing Loan

විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට එවන මුදල් ප්‍රමාණයට සාපේක්ෂව තීරුබදු නිදහස් දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබුනද මුදල් අමාත්‍යාංශයේ සහ මහබැංකුවේ නිලධාරීන් ඒ වෙනුවෙන් ගත යුතු පියවර තවමත් ගෙන නොමැති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කරන්නේ කැබිනට් අනුමැතිය ලබාදී මාස 4 ක් ගතවී ඇතත් කිසිඳු ක්‍රියාමාර්ගයක් අදාළ අංශ ගෙන නොමැති බවයි.

මේ අතර විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් නිවාස ණය ලබාගැනීම සඳහා අලුත් වැඩපිළිවෙලක් තවත් දින කිහිපයක් ඇතුළත ඇති කරන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති ජාත්‍යන්තර සංක්‍රමණික දින සැමරුම් උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

(Visited 148 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed