Govdoc Blog

අවුරුදු නිවාඩුවේ රාජකාරී ඉටුකිරීම ගැන රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

අවුරුදු නිවාඩුවේ රාජකාරී ඉටුකිරීම ගැන රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

 

එළැඹෙන 11 වනදා සිට 14 වනදා දක්වා වූ දීර්ඝ නිවාඩුවට අදාළව රාජකාරී ඉටුකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එම කාලසීමාව තුළදී සියලුම ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය ආයතන සමග සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස සියලුම දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු ප්‍රාදේශීය පාලනයේ සේවයේ නියුතු සියලුම නිලධාරීන් වෙත දැනුම්දී තිබෙනවා.

එසේම මෙම කාලසීමාව තුළදී ආපදා සහ හදිසි අත්‍යාවශ්‍ය කාර්යයන් සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසද දැනුම්දී ඇති බවයි වාර්තා වෙන්නේ.

එසේම මේ වනවිට රජයේ සංවර්ධන කටයුතුවලට අදාළව ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති, වැඩසටහන් මෙම නිවාඩු කාලසීමාව තුළදී බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල යෙදීමට කටයුතු කරන ලෙසද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දැනුම්දී තිබෙනවා

(Visited 70 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed