Govdoc Blog

කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ඩිප්ලෝමාව සඳහා සිසුන් බදවා ගැනීම සඳහා වන විවෘත විභාගයට අයදුම්පත් දැන් කැඳවීම

Admission for Schools of Agriculture – Diploma in Agricultural Production Technology 2026

කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ඩිප්ලෝමාව සඳහා සිසුන් බදවා ගැනීම සඳහා වන විවෘත විභාගයට අයදුම්පත් දැන් කැඳවීම

ශ්‍රී ලංකා කෘෂිකර්ම පාසල්වල 2027/2029 අධ්‍යයන වර්ෂය සඳහා ජාතික කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණ ඩිප්ලෝමාව (NVQ මට්ටම 5) හැදෑරීම සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වන විවෘත තරඟකාරී විභාගය සඳහා අයදුම්පත් දැන් කැඳවනු ලැබේ.

  • පාඨමාලා මාධ්‍යය: ඉංග්‍රීසි
  • පාඨමාලා ගාස්තුව: නොමිලේ
  • NVQ මට්ටම 05

මෙම වැඩසටහන පහත සඳහන් කෘෂිකර්ම පාසල්වල පිරිනමනු ලැබේ

  • කෘෂිකර්ම පාසල – අනුරාධපුර
  • කෘෂිකර්ම පාසල – බිබිල
  • කෘෂිකර්ම පාසල – ලබුදූව
  • කෘෂිකර්ම පාසල – පලමුනේ
  • කෘෂිකර්ම පාසල – පරන්තන්
  • කෘෂිකර්ම පාසල – වාරියපොල

පාඨමාලා කාලය

  • වසර 1 ½ ක පූර්ණ කාලීන නේවාසික වැඩසටහන
  • කෘෂිකර්ම පාසලේ වසර 1 ක ආයතනික පුහුණුව
  • NAITA හි අධීක්ෂණය යටතේ මාස 6 ක කාර්මික පුහුණුව

වයස් සීමාව

  • උසස් පෙළ අයදුම්කරුවන්: 2026 ජුනි 30 වන දිනට අවුරුදු 18-25
  • NVQ 4 වන මට්ටමේ අයදුම්කරුවන්: 2026 ජුනි 30 වන දිනට අවුරුදු 18-35
Notice Sinhala | Tamil
Full Details & Application Click_Here
Application Link Click_Here
Closing Date 2026.06.30

Diploma in Agricultural Production Technology

(Visited 2 times, 2 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed