කතෝලික ධර්මාචාර්ය සහතික පත්‍ර විභාගය 2026 සඳහා අයදුම්පත් කැඳවීම
2026 නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත කතෝලික ධර්මාචාර්ය සහතික පත්‍ර විභාගය 2026 සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් අයදුම්පත් කැඳවා ඇත.
- විභාග මාධ්‍යය – සිංහල, දෙමළ, ඉංග්‍රීසි (අපේක්ෂකයින්ට විභාගයට පෙනී සිටිය හැක්කේ එක් භාෂා මාධ්‍යයකින් පමණි)
සුදුසුකම්
අයදුම්කරුවන් පහත සඳහන් සුදුසුකම් වලින් එකක් හෝ සපුරා තිබිය යුතුය :
- ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන කතෝලික දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සමත් විය යුතුය.
- National Catechetic Center විසින් පවත්වනු ලබන ධර්මාචාර්ය විභාගය, ධර්මාචාර්ය විශේෂ විභාගය හෝ ධර්මාචාර්ය ගෞරව විභාගය සමත් විය යුතුය.
- ක්‍රිස්තියානි ධර්මය හෝ ක්‍රිස්තියානි ශිෂ්ටාචාරය ඇතුළු විෂයයන් තුනකින් අ.පො.ස. උසස් පෙළ විභාගය සමත් විය යුතුය.
- දෙවරකට නොඅඩු වාර ගණනකදී කතෝලික ධර්මය පිළිබඳ සම්මාන සාමාර්ථයක් ඇතුළුව අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයයන් හයක් සමත් විය යුතුය, නැතහොත් කතෝලික ධර්මය පිළිබඳ සම්මාන සාමාර්ථයක් සමඟ ජ්‍යෙෂ්ඨ පාසල් සහතික පත්‍ර විභාගය/ජාතික සාමාන්‍ය අධ්‍යාපන සහතික පත්‍රය සමත් විය යුතු අතර ලියාපදිංචි කැටචිස් පාසලක අවම වශයෙන් වසරක ඉගැන්වීමේ පළපුරුද්දක් තිබිය යුතුය.
| Full Details | English | Sinhala | Tamil |
| Instructions | English | Sinhala | Tamil |
| Application | Download |
| Website Link | www.doenets.lk |
| Closing Date | 2026.09.14 |


govdoc blog
Add comment