Govdoc Blog

අද සිට විදුලි බිල ඉහළට

අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල 75% ක සාමාන්‍ය අගයකින් වැඩි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබාදෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව ඒකක 0 සිට 30 දක්වා භාවිතා කරන පාරිභෝගිකයින්ට විදුලි බිල සඳහා රුපියල් 198 ක වැඩිවීමක් සහ ඒකක 31 සිට 60 දක්වා භාවිතා කරන පිරිස් සඳහා රුපියල් 599 ක වැඩිවීමක් සිදුවීමට නියමිතයි.

එසේම ඒකක 61 සිට 90 දක්වා භාවිතා කරන පිරිස් සඳහා රුපියල් 1,461 ක විදුලි බිල වැඩිවීමක් සහ ඒකක 91 සිට 120 දක්වා භාවිතා කරන පිරිස් සඳහා විදුලි බිලෙහි රුපියල් 2,976 ක වැඩීවීමක් සිදු වනවා.

ඒකක 121 සිට 180 දක්වා භාවිතා කරන පාරිභෝගිකයින්ගේ විදුලි බිල්පත රුපියල් 5,005 ක වැඩිවීමක් සිදුවන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

Electricity

Electricity

(Visited 103 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed