Govdoc Blog

මන්දපෝෂණය තුරන් කිරීමට GMOA යෝජනා

Malnutrition

පෝෂණ ගැටලුවල බලපෑම් අවම කරගැනිම සහ අනාගත පරපුර මන්දපෝෂණයේ ගොදුරු බවට පත්නොවීම සහතික කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පස්වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ් අනුව ඔවුන් පෙන්වා දෙන්නේ ළමා මන්දපෝෂණ මට්ටම අනුව ශ්‍රී ලංකාව ලෝකයේ 7වන ස්ථානයේ පසුවන බව යුනිසෙෆ් සංවිධානයේ වාර්තාවක් මඟින් දක්වා ඇති බවයි.

අදාළ යෝජනාවලිය පහතින්,

01. පවතින තත්ත්වය පිළිබඳ විද්‍යාත්මක පදනමකින් යුත් පසු විපරමක් සිදුකර දිවයින පුරා ළදරු ළමා පෝෂණ තත්ත්වයන් හා ඒ හරහා මන්දපෝෂණයට ඇති සැබෑ අවදානම තක්සේරු කළ යුතුය.

02. ආහාර පිළිබඳව ඇති මිත්‍යා මත පිළිබඳ සැබෑ අවබෝධයක් ලබාදීමත් විකල්ප ආහාර වර්ග හරහා ගුණාත්මක ආහාරවේලක් සහතික කරගන්නා ආකාරය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමත් කළ යුතුය. පෝෂදායී ආහාරවේලක් පිළිබඳ මූලික සංකල්ප ජනතාව වෙත ලබාදිය යුතුය.

03. ගෙවතු වගාව හා සත්ව පාලනය (ධීවර කර්මාන්තය ද ඇතුළත්ව) පිළිබඳ දැනටමත් ක්‍රියාත්මක දිරිගැන්වීමේ වැඩපිළිවෙල කඩිනම් ජාතික වැඩසටහනක් දක්වා පුළුල් කොට ප්‍රකාශයට පත්කළ යුතුය.

04. ගුණාත්මක ප්‍රෝටීන් ප්‍රභවයක් සහිත (උදා – මස් /මාලු/ කිරි /බිත්තර /කරවල වැනි) ආහාර වේලක් පිළිබඳ ජනතාව දැනුවත්කර අඩු ආදායම් පවුල් සඳහා විශේෂයෙන් ඉලක්ක කරගත් ඒ සඳහා වන සහන වැඩපිළිවෙලක් සකස් කළ යුතුය. ඉදිරි අතුරු අය වැය හරහා මේ සඳහා මුදල් වෙන් කළ යුතුය.

05. ගර්භණී මව්වරුන් හා ගැහැණු දරුවන් විශේෂයෙන් ඉලක්ක කරගත් පෝෂණය ඉහළ නැංවීමේ වැඩසටහනක් මගින් මන්දපෝෂණයේ විෂම චක්‍රය බිඳදැමීමට මැදිහත් විය යුතුය.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

(Visited 18 times, 1 visits today)

Sadamali Gunathilake

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular