ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සංවර්ධන නිලධාරී II ශ්‍රේණියේ තනතුරට බඳවා ගැනීම සඳහා වන සීමිත තරඟ විභාගය 2026
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. ඒ අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් 2026 වර්ෂයට අදාලව ගොවිජන සංවර්ධන නිලධාරී II ශ්‍රේණියේ තනතුරට බඳවා ගැනීම සඳහා වන සීමිත තරඟ විභාගය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.
විභාගය සඳහා වන මාර්ගගත අයදුම්පත් භාරගැනීම 2026 මැයි මස 11 වන දින පෙ.ව 09.00 ට විවෘත වන අතර 2026 ජුනි මස 08 වන දින ප.ව 09.00 ට අවසන් වේ.
මෙම විභාගය 2026 සැප්තැම්බර් මාසයේදී දිවයින පුරා පැවැත්වීමට නියමිතව ඇති අතර විභාගය පැවැත්වෙන නිශ්චිත දිනය විභාග දෙපාර්තමේන්තුව විසින් පසුව ප්‍රකාශයට පත් කරනු ලැබේ.
අයදුම් කල යුතු ක්‍රමය
අයදුම්පත් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා මාර්ගගතව පමණක් ඉදිරිපත් කළ යුතුය.
( www.doenets.lk/ Our Services → Online Applications → Recruitment Exams / E.B. Exams )
| Full Details – Gazette Notice (PDF) | Sinhala |
| Online Application | Apply_Here |
| Source | Government Gazette (2026.05.08) |
| Closing Date | 2026.06.08 |


govdoc blog
Add comment