Govdoc Blog

2026 උසස් පෙළ සිසුන් සඳහා මුස්ලිම් පුණ්‍යාධාර අරමුදල් ශිෂ්‍යත්වය

Muslim Charity Fund Scholarship for Advanced Level Students 2026

2026 උසස් පෙළ සිසුන් සඳහා මුස්ලිම් පුණ්‍යාධාර අරමුදල් ශිෂ්‍යත්වය

2026 වසරේ දී අ.පො.ස. උසස් පෙළ අධ්‍යාපනය (පළමු වසර) ආරම්භ කිරීමට සුදුසුකම් ලබන සිසුන්ට මුස්ලිම් පුණ්‍යාධාර අරමුදලෙන් (MCF) ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වක්ෆ් මණ්ඩලය සමඟ සහයෝගයෙන් තීරණය කර තිබේ.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සැලසුම් කර ඇත්තේ වෙනත් කිසිදු ආයතනයකින් ශිෂ්‍යත්වයක් හෝ මූල්‍ය ආධාරයක් නොලැබූ අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් සඳහා ය. විද්‍යාව, ගණිතය, වාණිජ්‍යය, කලා සහ තාක්ෂණ යන විෂය ධාරාවන්ගෙන් අ.පො.ස. උසස් පෙළ විෂය මාලාව හදාරන සිසුන්ට මෙම වැඩසටහන සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.

සුදුසුකම් ලත් අයදුම්කරුවන් 2026 ජනවාරි 31 දින හෝ ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන් අවශ්‍ය සියලුම උපකාරක ලියකියවිලි සමඟ නිසි ලෙස සම්පුර්ණ කරන ලද අයදුම්පතක් ඉදිරිපත් කළ යුතුය. ප්‍රමාද වූ අයදුම්පත් පිළිගනු නොලැබේ. කෙටි ලැයිස්තුගත අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවනු ලබන අතර, තේරීම් ක්‍රියාවලියේ ප්‍රතිඵල මත පදනම්ව ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ.

අයදුම්පත මේ සමඟ අමුණා ඇත.සම්පූර්ණ කරන ලද අයදුම්පත සමඟ පහත සඳහන් ලියකියවිලි ඉදිරිපත් කළ යුතුය:

1. ජාතික හැඳුනුම්පතේ සත්‍ය පිටපත
2. අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාග ප්‍රතිඵලවල සත්‍ය පිටපත
3. උප්පැන්න සහතිකයේ සත්‍ය පිටපත
4. අඩු ආදායම්ලාභී තත්ත්වය තහවුරු කරන ග්‍රාම නිලධාරි සහතිකය
5. අඩු ආදායම්ලාභී තත්ත්වය තහවුරු කරන පල්ලියෙන් ලැබුණු ලිපිය
6. පාසල් විදුහල්පතිගෙන් ලැබුණු තහවුරු කිරීමේ ලිපිය

Notice – English Download
Notice – Tamil Download
Application Download
Closing Date 2026.01.31
(Visited 23 times, 1 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed