බස්නාහිර පළාත් තැපැල් කාර්යාල කීපයක් පැය 24 ම විවෘතයි
බස්නාහිර පළාතට අයත් තැපැල් කාර්යාලය කිහිපයක් පැය 24 පුරා විවෘත කර තබන බව නියෝජ්‍ය තැපැල්පති පවසනවා.
රථවාහන වැරදි සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොලිසිය මගින් නිකුත් කරනු ලබන දඩ පත්‍රිකා ගෙවීම් හා අනෙකුත් තැපැල් කටයුතු සඳහා මේ තැපැල් කාර්යාල විවෘතව තබන බවයි සඳහන් වන්නේ.
ඒ අනුව පහත සඳහන් තැපැල් කාර්යාල පැය 24 පුරා විවෘතව පවතිනවා.
- බොරැල්ල
- වැල්ලවත්ත
- හැව්ලොක් ටවුන්
- දෙහිවල
- මොරටුව
- පානදුර
- කළුතර
- කොටහේන
- කොම්පඤ්ඤ වීදිය
- බත්තරමුල්ල
- ගල්කිස්ස
- නුගේගොඩ
- සීතාවකපුර
(Visited 395 times, 1 visits today)


govdoc blog
Add comment