Govdoc Blog

සඳුදා සිට සති දෙකක් නිවසේ සිට වැඩ

රජයේ සේවකයන්ට ලබන සඳුදා (20 වැනිදා) සිට සති දෙකක කාලයක් නිවසේ සිට වැඩකිරීමට නිර්දේශ කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යයේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්න මහතා අද (17) පස්වරුවේ චක්‍රලේඛය නිකුත් කළේය.

රට තුළ ඉන්ධන සැපයීම සිමා සහිත වීම තුළ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වීම දුර්වල මට්ටමක පැවතීම සහ පෞද්ගලික ප්‍රවාහන මාධ්‍යයක් උපයෝගී කරගෙන ප්‍රවාහන පහසුකම් සැලසීම ද දුෂ්කර කටයුත්තක් වීම සැළකිල්ලට ගෙන පසුගිය 15 වැනිදා නිකුත් කළ චක්‍රලේඛය මගින් සිකුරාදා දින නිවාඩුවට අමතරව ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක කාලයක් රජයේ නිලධාරීන් කාර්යාලවලට කැඳවීම සීමාකරන බව එහි සදඟන් වේ.

රජයේ කාර්යයන් බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යෑම සඳහා අවම කාර්ය මණ්ඩලය තීරණය කිරීම සහ අමාත්‍යංශයේ, දෙපාර්තමේන්තුවේ, ආයතනයේ නිලධාරියෙක් එම නිලධාරියා පදිංචියට ආසන්නයේ අමාත්‍යංශයේ, දෙපාර්තමේන්තුවේ, ආයතනයේ වෙනත් සේවා ස්ථානයකට අනුයුක්ත කිරීමේ බලය අදාල අමාත්‍යංශයේ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ආයතන ප්‍රධානීන් වෙත පවරා තිබේ.

අවම සේවක සංඛ්‍යාවක් කැඳවන අවස්ථාවේ වුවද සේවා මුරක්‍රමයක් හෝ වෙනත් විධිමත් ක්‍රම වේදයක් අනුගමනය කළ යුතු බවත් එලෙස සේවා මුරක්‍රමයක් හෝ වෙනත් විධිමත් ක්‍රමවේදයක් සැලසීමෙන් පසු යම් නිලධාරියෙක් සේවයට වාර්තා කළ යුතු දිනයක සේවයට වාර්තා නොකළේ නම් පමණක් එම දිනය නිලධාරියාගේ පෞද්ගලික නිවාඩුවලින් අඩු කිරීමට කටයුතු කළ යුතු බවත් චක්‍රලේඛයේ සඳහන්ව තිබේ.

සේවාමුර ක්‍රමයට හෝ විධිමත් ක්‍රමවේදයට වුවද සේවයට නොකැඳවූ දිනක වුවද සෑම නිලධාරියෙක්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිය රාජකාරියේ යෙදීමට සූදානම්ව සිටිය යුතු බවත් එක් ප්‍රදේශයක සිට රජයේ කාර්යාලවලට නිලධාරීන් කැඳවීම සඳහා ලංකා ගමනා මණ්ඩලය සමඟ සාකච්ඡා කර අවශ්‍ය බස් රථ ලබාගැනීමට එම ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර අවශ්‍ය පියරව ගත යුතුය.

සේවයට පැමිණෙන නිලධාරීන්ට සෑම අවස්ථාවකදීම පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමට උපදෙස් දෙන ලෙසත් කාර්යාලය අසළ පදිංචි සේවකයන්ට ආයතනයේ වාහන භාවිතා කර පිරිවැය කළමනාකරණයකින් යුතුව ක්‍රියාකරන ලෙසත් අධිකරණ ක්ෂේත්‍රයට අයත් ආයතන වෙත නිලධාරීන් සේවයට කැඳවීම සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් අධිකරණ සේවා කොමිසමෙන් ද, රාජ්‍ය ව්‍යවසාය සඳහා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් උපදෙස් ගෙන ඒ අනුව කටයුතු කළ යුතු බවත් එහි වැඩි දුරටත් සඳහන් වේ.

Work from Home

Work from Home

(Visited 13 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular