Govdoc Blog

ආනයනික සිමෙන්ති සඳහා පැනවූ සෙස් බද්ද ඉහළට

සිමෙන්ති

ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්​ද ජූනි මස 17 වන දින සිට ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය පවසනයි.

ඒ අනුව කෘත්‍රි​ම ලෙස වර්ණ ගැන්වූ හෝ වර්ණ නොගැන්වූ සුදු සිමෙන්ති කිලෝග්‍රෑම් 1ක් සදහා පනවා තිබූ රුපියල් 3ක සෙස් බද්​ද රුපියල් 5 දක්වා ඉහළ දමා ඇති බවයි සඳහන් වෙයි.

කිලෝග්‍රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වලින් ආනයනය කරනු ලබන අනෙකුත් පෝට්ලන්ඩ් සිමෙන්ති කිලෝග්‍රෑම් 1ක් සඳහා වූ රුපියල් 5ක සෙස් බද්​ද රුපියල් 8 දක්වා ඉහළ දමා ඇති බවද සඳහන් ය.

කිලෝග්‍රෑම් 50 සහ ඊට වැඩි ඇසුරුම්වලින් තොග වශයෙන් ආනයනය කරනු ලබන අනෙකුත් පෝට්ලන්ඩ් සිමෙන්ති කිලෝග්‍රෑම් 1ක් සඳහා අයකළ රුපියල් 3ක බද්​ද රුපියල් 5 දක්වා ඉහළ දමාඇති බවයි ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ ය.

(Visited 13 times, 1 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular