Govdoc Blog

ජාතික සයිබර් ආරක්ෂණ සමුළුව හෙට කොළඹ දී

cyber

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) මඟින් සංවිධානය කරනු ලබන 15 වැනි ජාතික සයිබර් ආරක්ෂණ (Cyber Security) සමුළුව මැයි 23 (හෙට) වැනිදා කොළඹ Waters Edge හෝටලයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව එම සංසදය පවසනවා.

“තීරණාත්මක ජාතික තොරතුරු යටිතල පහසුකම් ආරක්ෂා කරගැනීම” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුව සඳහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සහ වෘත්තිකයින් රැසක් සහභාගී වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

සයිබර් ආරක්ෂණය (Cyber Security) පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මෙම සමුළුව සඳහා ප්‍රවේශ පත්‍ර ලබාගැනීමේ අවස්ථාව සලසා ඇති බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.

Online ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි වෙබ් ලිපිනය,

https://csw.cert.gov.lk/

(Visited 112 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed