Govdoc Blog

ආසියානු කුසලානය පැවැත්වෙන රටවල් හා දිනයන්

Cricket

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේ දී හා ශ්‍රී ලංකාවේ දී පවත්වන බව ආසියානු ක්‍රිකට් කවුන්සලය නිල වශයෙන් නිවේදනය කළා.

ඒ අනුව තරගාවලිය අගෝස්තු 31 වැනිදා සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

වත්මන් ආසියානු ශූර ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ඝනිස්තානය හා නේපාලය ක්‍රීඩා කරන තරගාවලියට තරග 13 ක් ඇතුළත් ය.

ආසියානු ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ තරගාවලියේ තරග 4ක් පාකිස්තානයේ දී ද, අනෙකුත් තරග 9 ශ්‍රී ලංකාවේ දී ද පැවැත්වීමට තීරණය කර ඇති බවයි.

ඉන්දියාව හා පාකිස්තානය අතර පවතින දේශපාලන අර්බුද හේතුවෙන් ඉන්දීය කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කිරීමට අකමැත්ත පල කිරීම හේතුවෙනුයි මෙලෙස පාකිස්තානයට සත්කාරක අයිතිය හිමි මෙවර ආසියානු කුසලාන තරගාවලිය රටවල් දෙකකදී පැවැත්වීමට සිදුව ඇත.

තරගාවලියේ මූලික වටයේ තරග කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වීමට නියමිතයි. එක් එක් කාණ්ඩයෙන් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන රටවල් දෙක බැගින් සුපිරි 4 වටයට සුදුසුකම් ලබන අතර, සුපිරි 4 වටයේ දී ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන රටවල් දෙක අවසන් මහා තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.

(Visited 60 times, 1 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular