Govdoc Blog

මහාවංශය, යුනෙස්කෝ ලෝක වාර්තාමය උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරයි

මහාවංශය

යුනෙස්කෝව විසින් ‘මහාවංශය’ ලෝක වාර්තාමය උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

මහාවංශය යනු ලක්දිව මහා විහාර ඉතිහාසය ප්‍රධානකොට රජරට රාජධානියේ ඉතිහාසය පිළිබඳව මහා විහාරික මහානාම හිමි විසින් පාලි භාෂාවෙන් ලියන ලද ඓතිහාසික කාව්‍යයකි.

එය ක්‍රි.පූ. 6 වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 1815 දක්වා කාලය ආවරණය වන පරිදි මෙය රචනා කර තිබෙන ඉතාමත් රසවත් කාව්‍යයකි.

යුනෙස්කෝ සංවිධානය විසින් 2023 වසරේ ප්‍රකාශයට පත්කළ ලෝක මතක ජාත්‍යන්තර ලේඛනයේ නව ලේඛන උරුම 64 අතරට මහාවංශය ද ඒ අනුව ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

මහාවංශය යුනෙස්කෝව විසින් පිළිගෙන ඇත්තේ ලොව දිගම නොබිඳුණු ඉතිහාස වාර්තාවක් ලෙසයි.

එය බුදුන්, අශෝක අධිරාජ්‍යයා සහ බුදුදහම ලෝක ආගමක් ලෙස නැගී සිටීම පිළිබඳ සුවිශේෂී තොරතුරු ඇතුළත් ආසියාවේ වැදගත් ඓතිහාසික මූලාශ්‍රයක් බව යුනෙස්කෝව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

 

(Visited 9 times, 1 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular