Govdoc Blog

සාමාන්‍ය පෙළ විභාගයට කඩදාසි ගැටලුවක් නැහැ – ඇමති දිනේෂ්

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට කඩදාසි ගැටලුවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඌව වෙල්ලස්ස වෛද්‍ය පීඨයද මේ වසරේ ආරම්භ කෙරේ. අමතර සිසුන් දස දහසක් මෙවර සරසවි වෙත බඳවා ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය. 

අස්ගිරි මහනාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළේය.

 “කඩදාසි අර්බුදයක් තිබෙන බවට ප්‍රචාරය වුවද එය විසඳා ගැනීමට ලැබුණා. අපි බලාපොරොත්තු වෙනවා මීළඟ විභාගය අපොස සාමාන්‍ය පෙළ මැයි මාසයේ සුදානම් කරලා තියෙනවා. අඩුපාඩුවක් සිදුවෙනවා නම් ඊට අදාළ කඩදාසි අතිරේක වශයෙන් ගෙන්වා ගැනීමට පියවර පසුගිය සති දෙක තුන තුළ ගත්තා.”

 මේ වසර තුළ විශ්වවිද්‍යාල සඳහා වැඩිපුර සිසුන් දස දහසක් ඇතුළත් කර ගැනීමට සැලසුම් කර ඇති බව ද දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේය. 

“අපේ ඉලක්කය මේ වසර හමාර වන්නට කලින් උසස් පෙළ විභාගය පෙර පැවති මාසවලම පවත්වා යථා තත්ත්වයට ගේන්න. ඒ වගේම විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා ප්‍රමාණය වැඩි කිරීමට දැනටමත් පියවර ගෙන තියෙනවා. පසුගිය ප්‍රතිඵල අනුව ඇතුළත් වීම දැනටමත් ලබාදී තිබෙනවා. 

බොහෝ තැන්වල පන්ති පවත්වන්න මුලික දේශන ආරම්භ කරලා තියෙනවා. සිසුන් 10, 000ක් ගැනීමට නියමිතයි. අතිරේක වශයෙන් පීඨයන් කිහිපයක් ආරම්භ වෙනවා. වෛද්‍ය ක්ෂේත්‍රයට පසුගිය වසර වගේම වැඩිකරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සමග සාකච්ඡා කරලා තීරණයක් ගත්තා වෛද්‍ය පීඨයක් මේ වසර තුළ ආරම්භ කරන්න.”

(Visited 9 times, 1 visits today)

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular