Govdoc Blog

2025 උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ගැන දැනුම් දීමක්

2025 උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ගැන දැනුම් දීමක්

2025 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දිනයන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඊට අදාළව, පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇති අතර, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අයදුම්පතෙහි සඳහන් ලිපිනයට තැපැල් මඟින් යැවීමට කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.

  • දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඉංජිනේරු තාක්ෂණවේදය විෂයයේ ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ 2026 මාර්තු 06 දින සිට 2026 මාර්තු 15 දින දක්වා දිවයින පුරා පැවැත්වීමට කටයුතු සලසා ඇති බවයි.
  • තවද, විෂය අංක 52 – නර්තනය (දේශීය), විෂය අංක 53 – නර්තනය (භාරත), විෂය අංක 54 – සංගීතය (පෙරදිග) සහ විෂය අංක 55 – සංගීතය (කර්ණාටක) යන විෂයයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ 2026 මාර්තු 09 දින සිට 2026 මාර්තු 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.
  • මීට අමතරව, විෂය අංක 56 – සංගීතය (බටහිර), විෂය අංක 57 – නාට්‍ය හා රංග කලාව (සිංහල), විෂය අංක 58 – නාට්‍ය හා රංග කලාව (දෙමළ) සහ විෂය අංක 59 – නාට්‍ය හා රංග කලාව (ඉංග්‍රීසි) යන විෂයයන් සඳහාද ප්‍රායෝගික පරීක්ෂණ 2026 මාර්තු 09 දින සිට 2026 මාර්තු 16 දින දක්වා පැවැත්වෙන බව සඳහන් වේ.

ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වීමට දින 07 කට පෙර සිට දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://onlineexams.gov.lk/onlineapps මඟින් ද ප්‍රවේශපත්‍ර බාගත කර ගැනීමට පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Notice Advanced Level practical Examination 2025

 

 

(Visited 61 times, 1 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed