Govdoc Blog

ජාතික යොවුන් සේනාංකයේ ජීවන කුසලතා පාඨමාලාවේ 2026 දෙවන කණ්ඩායමට පුහුණුලාභීන් බදවා ගැනීම සදහා අයදුම්පත් කැදවනු ලැබේ

share img

ජාතික යොවුන් සේනාංකයේ ජීවන කුසලතා  පාඨමාලාවේ 2026 දෙවන කණ්ඩායමට පුහුණුලාභීන් බදවා ගැනීම සදහා අයදුම්පත් කැදවනු ලැබේ

දිවයින පුරා පිහිටි ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන ජාලය තුල ජීවන කුසලතා  පාඨමාලාව සදහා බදවා ගැනීම සිදු කෙරේ. මම පාඨමාලාව නේවාසික නොවන පුර්ණ කාලින නොමිලේ පවත්වන පාඨමාලාවක් වන අතර පාඨමාලා කාලය මාස 3 1/2 ක් පමණි.

ජාතික යොවුන් සේනාංක ජීවන කුසලතා පාඨමාලාවේ සංයුතිය මෙසේය.

  1. ජීවන කුසලතා සංවර්ධනය
  2. මූලික ජීවන නිපුණතා සංවර්ධනය
  3. තොරතුරු තාක්ෂණය
  4. ඉංග්‍රීසි භාෂාව
  5. කලාව සහ ජීවිතය

මේ සදහා වන අයදුම්පත ජාතික යොවුන් සේනාංකයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි අතර අදාල අයදුම් පත්‍රය, පුහුණු වීමට බලාපොරොත්තු වන මධ්‍යස්ථානය වෙත ගෙනවිත් භාරදීමෙන් හෝ ලියාපදිංචි තැපෑලෙන්  යොමු කල යුතුය. 2026 මාර්තු මස 15 වන දින අයදුම්පත් බාරගන්නා අවසන් දිනය වේ.

  • ඊමේල් ලිපිනය : [email protected]
  • විමසීම් : 0112688885 හෝ 0710377377
Advertisement Sinhala
Source Gazette (06-03-2026)
Website Link www.youthcrops.lk
Closing Date 2026.03.15
(Visited 51 times, 1 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed