Govdoc Blog

ජපානයේ රැකියා සිහිනය සැබෑ කර ගැනීමට අනගි අවස්ථාවක්

blog

ජපානයේ රැකියා සිහිනය සැබෑ කර ගැනීමට අනගි අවස්ථාවක්

මෝටර්රථ කාර්මික නඩත්තු ක්ෂේත්‍රය – (පිරිමි)

IM Japan තාක්ෂණික සේවාස්ථ පුහුණු වැඩසටහන (TITP) යටතේ මෝටර්රථ කාර්මික නඩත්තු ක්ෂේත්‍රයේ රැකියා සඳහා අයදුම්කරුවන් (පිරිමි පුද්ගලයන්) දැනුවත් කිරීමේ හා බඳවාගැනීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී පැවැත්වේ.ඒ සඳහා පහත සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් අදාල සහතිකපත් හා ලිපිලේඛන ද සහිතව 2026.03.23 දින පෙ.ව.9.00 ට අංක 234, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, කොස්වත්ත, බත්තරමුල්ල ලිපිනයේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ප්‍රධාන කාර්යාලයේ ශ්‍රවණාගාරය වෙත පැමිණෙන්න. (සැ.යු. මින් පෙර ජපානය සඳහා වීසා අයදුම්කර ප්‍රතික්ෂේප වී ඇති අයඳුම්කරුවන් මේ සඳහා අයඳුම් කිරීමෙන් වලකින්න)

අවශ්‍ය මූලික සුදුසුකම්

  • වයස අවු.18-30 අතර විය යුතුය.
  • ශරීරයේ Tattoos නොතිබිය යුතුය.
  • අ.පො.ස (උ.පෙළ) විභාගය සඳහා පෙනී සිට තිබිය යුතුය. (රජයේ පාසලක හෝ පෞද්ගලික පාසලක වසර 13 ක කාලයක් අධ්‍යාපනය සම්පූර්ණ කර තිබිය යුතුය.)
  • වෘත්තීය පුහුණු ආයතනයකින් හෝ කාර්මික විද්‍යාලයකින් මෝටර්රථ ඉංජිනේරු ක්ෂේත්‍රය (Automobile Engineering) පිළිබඳ වෘත්තීය පුහුණු පාඨමාලාවක් හදාරා අදාල පාඨමාලාව සම්පූර්ණ කර තිබීම.
  • මෝටර්රථ ඉංජිනේරු ක්ෂේත්‍රය (Automobile Engineering) පිළිබඳ NVQ සහතික ලබා තිබීම සහ ප්‍රායෝගික පුහුණුව සම්පූර්ණ කර තිබීම.
  • ජපන් භාෂා N5 ප්‍රවීනතාවය ලබා තිබීම ප්‍රමුඛතාවය හිමිවීමට හේතුවක් වේ.
  • උස 160 cm හෝ ඊට වැඩිවිය යුතුය.
  • බර 50 Kg හෝ ඊට වැඩිවිය යුතුය.
  • දෘෂ්ඨි ආබාධ නොතිබිය යුතුය. (ජපන් දෘෂ්ඨි අගය 0.7 ට වඩා වැඩි හා ශ්‍රී ලංකා දෘෂ්ඨි අගය 6/9 වඩා වැඩි)

අවශ්‍ය ලිපිලේඛන

  • සම්පූර්ණ කරන ලද අයඳුම්පත්‍රය (අයදුම්පත්‍රය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියේ පලකර ඇත)
  • පාසැල් හැරයාමේ සහතිකය
  • අ.පො.ස (උ.පෙළ) ප්‍රතිඵල සහතිකය
  • ජාතික හැඳුනුම්පත
  • මෝටර්රථ ඉංජිනේරු ක්ෂේත්‍රය (Automobile Engineering) පිළිබඳ NVQ සහතික, වෘත්තීය සහතික සහ සේවා සහතික

වැඩි විස්තර සඳහා 1989 අමතන්න. (බඳවාගැනීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් පමණි.)

Full Details (Qualifications) Sinhala | English | Tamil
Application Download
Source www.slbfe.lk
Closing Date 2026-03-23

image

(Visited 70 times, 1 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed