Govdoc Blog

රේගු පරීක්ෂකවරුන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ II ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරී තනතුරට උසස් කිරීම සදහා පැවැත්වෙන සීමිත තරග විභාගය – 2026

share

රේගු පරීක්ෂකවරුන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ II ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරී තනතුරට උසස් කිරීම සදහා පැවැත්වෙන සීමිත තරග විභාගය – 2026

2026 වර්ෂයට අදාලව ප්‍රධාන රේගු පරීක්ෂකවරුන් සහ I ශ්‍රේණියේ රේගු පරීක්ෂකවරුන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ II වැනි ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරී තනතුරට උසස් කිරීම සදහා පැවැත්වෙන සීමිත තරග විභාගය සදහා අයදුම්පත් කැදවා ඇත.

ඒ අනුව දෙවන ශ්‍රේණියේ රෙගු අධිකාරී තනතුරු පුරප්පාඩු වලින් 15% ක් පිරවීම සදහා සුදුසුකම් ලත් නිලධාරින්ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ. තනතුරට අදාල අයදුම්පත ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ පල කර ඇති අතර අයදුම්පත් ඉදිරිපත් කල හැක්කේ මාර්ගගත ක්‍රමවේදය හරහා පමණි. මේ සදහා අදාල අයදුම්පත් භාර ගැනීම 2026 මාර්තු මස 16 වන දින පෙරවරු 09.00 ට විවෘත වන අතර 2026 අප්‍රේල් මස 06 වන දින පස්වරු 09.00 ට අවසන් වේ.

මෙම විභාගය 2026 ජුනි මාසයේදී කොළඹදී පමණක් පවත්වනු ලබන අතර විභාගය පවත්වනු ලබන දිනය හා ස්ථානය පසුව දැනුම් දෙනු ලැබේ. තනතුරට බදවා ගැනීම සදහා අවශ්‍ය සුදුසුකම්, විභාගය සදහා අයදුම්පත් භාරගන්නා අවසාන දිනය වන 2026.04.06 දිනට පෙර සම්පුර්ණ කර තිබීම අනිවාර්ය වේ.

Full Details (Qualifications) Sinhala
Online Application Click Here
Source Gazette (2026-03-13)
Closing Date 2026.04.06
(Visited 526 times, 77 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed