Govdoc Blog

විදුලිබල ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත

විදුලිබල ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඉන්ධන, ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්, බෙහෙත් ශාලා, මෙන්ම මගී හෝ භාණ්ඩ ප්‍රවාහනය ආදී සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පැවරී ඇති බලතල අනුව මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් වේ.

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ පසු ආපදා තත්ත්වය සලකා, සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා එකී සේවාවන් අත්‍යවශ්‍ය වන බවත්, ඒවාට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බවත් සැලකිල්ලට ගනිමින්, පහත උපලේඛනයේ සඳහන් සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට මෙම නියමයෙන් ප්‍රකාශයට පත් කර ඇති බවද වැඩිදුරටත් සඳහන් වේ.

Gazette Download

 

(Visited 8 times, 8 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed