Govdoc Blog

රජය සතු බංගලා ඵලදායී ආර්ථික භාවිතය සඳහා යෝජනා කැඳවීම

blog share image

රජය සතු බංගලා ඵලදායී ආර්ථික භාවිතය සඳහා යෝජනා කැඳවීම

රජය සතු බංගලා කිහිපයක් ඵලදායී ආර්ථික උපයෝගීකරණය සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයන් වෙතින් යෝජනා කැඳවීම සඳහා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ

ඒ අනුව, කොළඹ 05, ස්ටැන්මෝර් චන්ද්‍රවංකය යන ලිපිනයේ පිහිටි B-13, B-14, B-20 යන බංගලා ද, කොළඹ 05, පැජට් පාර යන ලිපිනයේ ඇති C-61 සහ C-62 යන බංගලා ද, කොළඹ 05, ස්කෙල්ටන් පාර යන ලිපිනයේ ඇති E-01 සහ E-02 යන බංගලා ද සඳහා මෙම යෝජනා කැඳවා ඇත.

එහිදී එම ස්ථානවල රජය විසින් යෝජනා කර ඇති ව්‍යාපෘති ලෙස කැෆේ, අවන්හල්, සංචාරක වෙළෙඳසැල් ආදිය නම් කර ඇති අතර, මෙම ස්ථාන වසර 30 ක බදු පදනම මත පෞද්ගලික ආයෝජකයන් වෙත පිරිනැමීම සිදු කරන බව සඳහන් වේ.

මේ සඳහා යෝජනා බාරදීමේ අවසාන දිනය අගෝස්තු 25 වනදා පස්වරු 2.00 ලෙස දක්වා ඇති අතර වැඩි විස්තර භාණ්ඩාගාර වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

මේ සඳහා අදාළ නිවේදනය පහතින් දැක්වේ.

advertisement

Advertisement Download
Investment Proposal Download
Source www.treasury.gov.lk
Closing Date 2026.08.25
(Visited 1 times, 1 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed