Govdoc Blog

2026 වසරේ ඡන්දහිමි සංඛ්‍යාව සහ කොට්ඨාසවලට පත්වෙන මන්ත්‍රී සංඛ්‍යාව ප්‍රකාශයට පත් කර ඇත

Blog FB Share

2026 වසරේ ඡන්දහිමි සංඛ්‍යාව සහ කොට්ඨාසවලට පත්වෙන මන්ත්‍රී සංඛ්‍යාව ප්‍රකාශයට පත් කර ඇත

2026 වසරේ ඡන්ද හිමි නාමලේඛනයට අනුව පාර්ලිමේන්තු මැතිවරණයකදී එක් එක් මැතිවරණ කොට්ඨාසයකින් තෝරා පත්කර ගත යුතු මන්ත්‍රී සංඛ්‍යාව සහ සමස්ත ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව, මැතිවරණ කොට්ඨාස 22 සඳහා වෙන්කර ඇති සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 196 ක් වන අතර, මැතිවරණ කොට්ඨාස 22 සඳහා ජනගහනය සහ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව පදනම් කර ගනිමින් අදාළ මන්ත්‍රී ධුර සංඛ්‍යාව තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත.

2026 වසරේ ඡන්ද හිමි නාමලේඛනයට අනුව දිවයිනේ සමස්ත ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 17,534,397 ක් ලෙස සටහන්  වී ඇත.

මෙහිදී, වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් හිමිව ඇත්තේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට වන අතර, එම දිස්ත්‍රික්ක දෙකටම මන්ත්‍රී ධුර 19 බැගින් වෙන්කර තිබේ. එසේම, කළුතර දිස්ත්‍රික්කයට මන්ත්‍රී ධුර 11 ක් ද, මහනුවර දිස්ත්‍රික්කයට මන්ත්‍රී ධුර 12 ක් ද, ගාල්ල දිස්ත්‍රික්කයට මන්ත්‍රී ධුර 09 ක් ද වෙන්කර ඇති බව වැඩිදුරටත් සදහන් වේ.

2026 ඔක්තෝබර් 19 වැනි දින සහතික කරන ලද ඡන්ද හිමි නාමලේඛනය පදනම් කර ගනිමින් මෙම මන්ත්‍රී ධුර සංඛ්‍යාව තීරණය කර ඇති අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 98 වැනි ව්‍යවස්ථාවේ 8 වැනි අනු ව්‍යවස්ථාව ප්‍රකාරව මෙම නිර්ණය සිදුකර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඒ සඳහා අදාල නිවේදනය පහතින් දැක්වේ.

Notice Download
Announcement

 

(Visited 139 times, 40 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed