බෞද්ධ ධර්මාචාර්ය සහතික පත්‍ර විභාග අයදුම්පත 2026
2026 නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බෞද්ධ ධර්මාචාර්ය සහතික පත්‍ර විභාගය 2026 සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් අයදුම්පත් කැඳවා ඇත. 2024 සහ 2025 වසරවලට අදාළ විභාගය සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
අයදුම් කිරීමේ කාලසීමාව
- අයදුම්පත් භාර ගැනීම විවෘත වන දිනය : 2026 අගෝස්තු 21
- අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය : 2026 සැප්තැම්බර් 21
විභාග මාධ්‍යය
විභාගය සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වනු ලැබේ. අපේක්ෂකයින්ට තෝරා ගත හැක්කේ එක් භාෂා මාධ්‍යයක් පමණක් වන අතර, තෝරාගත් මාධ්‍යය පසුව වෙනස් කළ නොහැක.
සුදුසුකම්
අයදුම්කරුවන් පහත සඳහන් සුදුසුකම් වලින් අවම වශයෙන් එකක් හෝ සපුරා තිබිය යුතුය:
- දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සමත් වීම
- ප්‍රචීන ප්‍රරම්භ විභාගය සමත් වීම
- පිරිවෙන් අවසාන විභාගය සමත් වීම
- බුද්ධ ධර්මය පිළිබඳ සම්මාන සාමාර්ථයක් සහිතව විෂයයන් හයකින් අ.පො.ස. (සා.පෙළ) විභාගය සමත් වීම.
අවශ්‍ය අයදුම්පත් හා උපදෙස් පත්‍රිකා තැපැල් මගින් මේ වන විට ලියාපදිංචි දහම් පාසල් වලට යොමු කර ඇති අතර www.doenets.lk වෙබ් අඩවිය මගින් ද බාගත කර ගැනීමේ පහසුකම සලසා ඇත.
| Gazette Notice | Sinhala |
| Applications | www.doenets.lk |
| Source | Gazette (2026-08-21) |
| Closing Date | 2026.09.21 |


govdoc blog
Add comment