2026 ගුරු සේවයේ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාග සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කර ඇත
2026 සැප්තැම්බර් 27 වන දින පැවැත්වීමට නියමිත පහත සඳහන් කාර්යක්ෂමතා කඩඉම් (EB) විභාග සඳහා වන විභාග ප්‍රවේශ පත්‍ර විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
- ජාතික හා පළාත් පාසල්වල සේවය කරන ශ්‍රී ලංකා ගුරු සේවයේ (SLTS) නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් (EB) විභාගය – 2026
- පිරිවෙන් ගුරුවරුන්, රජයේ අනුමැතිය ලත් පෞද්ගලික පාසල්වල සේවයේ නියුතු අනුමත ගුරුවරුන් සහ ආධාර ලබන විශේෂ පාසල්වල සේවයේ නියුතු අනුමත ගුරුවරුන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් (EB) විභාගය – 2026
මෙම විභාග සඳහා අයදුම් කර ඇති අපේක්ෂකයින්ට දැන් අන්තර්ජාලය ඔස්සේ තම ප්‍රවේශ පත්‍ර බාගත කරගත හැකිය.
| Download Admission Card | Click_Here |
| DoE Website | www.doenets.lk |


govdoc blog
Add comment