මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබා ගැනීමේදී සැලකිලිමත් වන ලෙස පොලීසියෙන් දැනුම්දීමක්
මාර්ගගත ක්‍රමය ඔස්සේ ක්ෂණික ණය මුදලක් ලබාගැනීමට අවශ්‍යතාවක් පවතී නම්, අදාළ ආයතන මඟින් දක්වා ඇති කොන්දේසි සම්බන්ධයෙන් නිසි අවබෝධයකින් යුතුව එම පහසුකම් ලබාගන්නා ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. එමඟින්, සිදුවිය හැකි අපහසුතාවන් මඟහරවා ගැනීමට සහ මූල්‍ය අලාභයන් වළක්වා ගැනීමට හැකියාව ලැබෙන බව නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කර ඇත.
අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් ප්‍රචාරය කරමින්, ජංගම දුරකථන යෙදවුම් (Apps) හරහා මාර්ගගතව ක්ෂණික ණය ලබාදීමේ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් විමර්ශන ආරම්භ කර ඇති බව ද අදාළ නිවේදනයේ දැක්වේ. මෙලෙස ණය ලබාගන්නා ගනුදෙනුකරුවන්ගෙන්, ණය ආපසු ගෙවීමේදී ඉහළ පොලී අනුපාත යටතේ ණය වාරික අයකර ගනිමින් ඔවුන් අපහසුතාවට පත්කරන බවට ලද තොරතුරු මත මෙම විමර්ශන ආරම්භ කර ඇත.
ණය ලබාගන්නා පුද්ගලයන් නිසි පරිදි කොන්දේසි කියවීමකින් තොරව මෙම යෙදවුම් ජංගම දුරකථනවලට ඇතුළත් කරගැනීමෙන් (Install) අපහසුතාවට පත්වන බව නිරීක්ෂණය වී ඇති බැවින් මාර්ගගත ක්‍රමයට ණය ලබාගැනීමේදී නිසි අවබෝධයෙන් කටයුතු කරන ලෙසත්, මෙම කරුණු පිළිබඳව දැනුවත්ව සිටින ලෙසත් පොලීසිය වැඩිදුරටත් සදහන් කර ඇත.
අදාළ නිවේදනය පහතින් දැක්වේ.
| Notice | Download |



govdoc blog
Add comment