සමාජ මාධ්‍ය වෙත මුදාහැරෙන දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ ගැන සැලකිලිමත් වන ලෙසට විශේෂ දැනුම්දීමක්
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා මුදල් ඉපයීමේ මූල්‍ය ප්‍රතිපත්තිය (Monetization) ක්‍රියාත්මක වීමත් සමඟ, දෙමාපියන්ගේ අවසරය ඇතිව හෝ නැතිව දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ පට අන්තර්ජාලයට එක් කිරීමේ ප්‍රවණතාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය සදහන් කර ඇත.
දරුවන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීම සහ ඔවුන්ගේ සුරතල් ක්‍රියාකාරකම් අගය කිරීම යන මුවාවෙන් විවිධ පුද්ගලයන් සහ ආයතන විසින් මෙලෙස වාණිජ අරමුණු උදෙසා අදාළ වීඩියෝ පට යොදාගන්නා බව තහවුරු වී ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
වීඩියෝ සහ Vlog සටහන් හරහා දරුවන්ගේ එදිනෙදා ජීවන රටාව බාහිර පාර්ශ්ව වෙත අනාවරණය වීමෙන්, ඔවුන්ගේ පෞද්ගලික ආරක්ෂාව ද දැඩි අවදානමකට ලක්වන බව එහි සදහන් වේ.
එමෙන්ම, අන්තර්ජාලයට එක්කරන මෙවැනි වීඩියෝ පට සහ ඡායාරූප මූලාශ්‍ර කර ගනිමින් කෘතිම බුද්ධිය (AI) ඔස්සේ අසභ්‍ය දර්ශන නිර්මාණය කිරීමේ අවදානමක් ද මතුව ඇති බව අදාළ නිවේදනයේ පෙන්වා දී ඇත.
එබැවින්, මෙවැනි අනතුරුදායක තත්ත්වයන්ගෙන් තම දරුවන් ආරක්ෂා කරගැනීමට සමාජ මාධ්‍ය පරිශීලනය කිරීමේදී වඩාත් විමසිලිමත් සහ වගකීම් සහගත වන ලෙස දෙමාපියන් ඇතුළු දරුවන්ගේ භාරකරුවන්ගෙන් ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය ඉල්ලා සිටී.
ඒ සඳහා අදාළ නිවේදනය පහතින් දැක්වේ.
| Notice | Download |
| Source | www.childwomenmin.gov.lk |



govdoc blog
Add comment