Govdoc Blog

මහ බැංකුවෙන් තවත් තහනම් පිරමීඩ ජාවාරම් 27ක් නම් කෙරේ

Blog FB Share

මහ බැංකුවෙන් තවත් තහනම් පිරමීඩ ජාවාරම් 27 ක් නම් කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 1988 අංක 30 දරන බැංකු පනතේ (සංශෝධිත) 83(ඇ) වගන්තිය යටතේ සමාගම්, ජංගම දුරකථන යෙදුම් (Apps) සහ ඊට සම්බන්ධ ආයතන 27ක් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

මහ බැංකුව විසින් මහජනතාව දැනුවත් කිරීම සඳහා නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ, පුළුල් විමර්ශනයකින් අනතුරුව ‘මැක්ස් ඇප් මීඩියා’ (Max App Media Ltd.) සමාගම, එහි අනුබද්ධිත ‘මැක්ස් එල්කේ’ (Max LK (Pvt) Ltd.) සහ ‘මැක්ස් මීඩියා ලංකා’ (Max Media Lanka (Pvt) Ltd.) යන සමාගම් විසින් තහනම් පිරමීඩ ජාවාරමක් පවත්වාගෙන ගොස් ඇති බවට තහවුරු වී ඇති බවයි.

ඒ අනුව, ඉහත සඳහන් කළ නීතිමය විධිවිධාන යටතේ තවත් සමාගම්, යෙදුම් සහ ආයතන රැසක් ද තහනම් පිරමීඩ යෝජනා ක්‍රම ලෙස හඳුනාගෙන ඇති බව මහ බැංකුව වැඩිදුරටත් සදහන් කර ඇත.

  1. Tiens Lanka Health Care (Pvt) Ltd
  2. Best Life International (Pvt) Ltd
  3. Mark – Wo International (Pvt) Ltd
  4. V M L International (Pvt) Ltd
  5. Global Lifestyle Lanka (Pvt) Ltd
  6. Fast3Cycle International (Pvt) Ltd
  7. Sport Chain app, Sport Chain zs society Sri Lanka
  8. OnmaxDT
  9. MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group
  10. Fastwin (Pvt) Ltd
  11. Fruugo Oline App/ Fruugo Oline (Pvt) Ltd
  12. Ride to Three Freedom (Pvt) Ltd
  13. Qnet/ Questnet
  14. Era Miracle (Pvt) Ltd. And Genesis Business School
  15. Ledger Block
  16. Isimaga International (Pvt) Ltd
  17. Beecoin App and Sunbird Foundation
  18. Windex Trading
  19. The Enrich Life (Pvt) Ltd
  20. Smart Win Entrepreneur (Pvt) Ltd
  21. Net Fore International (Pvt) Ltd./ Netrrix
  22. Pro Care (Pvt) Ltd., Shade of Procare (Pvt) Ltd
  23. SGO/sgomine.com
  24. I.C.A.N Advertising (Pvt) Ltd සහ ඊට අනුබද්ධිත icanonlineadvertising.com / bannercuts.com / bannercuts.lk / bannercuts.net / bannercuts.org
  25. Infinity Rover (Pvt) Ltd
  26. TM App
  27.  Max App Media Ltd. සහ ඊට අනුබද්ධිත Max LK (Pvt) Ltd., Max Media Lanka (Pvt) Ltd.
Notice Download

central bank

(Visited 3 times, 3 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed