Govdoc Blog

පාස්පෝට් දෙන්නේ දිනයක් වෙන්කරගත් අයට පමණයි

Passport

දිනයක් සහ වේලාවක් වෙන්කරගත් පුද්ගලයන්ට පමණක් අද (27) සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා පැවසීය.

රට තුළ පැතිර යමින් තිබෙන ‘කොවිඩ්’ තත්වය පිළිබඳව අවධානය යොමු කරමින් මෙම තීරණයට එළඹි බවත් හදිසියේ විදේශගත වන පුද්ගලයන් සඳහා විශේෂ එක්දින සේවාවක් ක්‍රියාත්මක වන බවත් ආගමන හා විගමන පාලක ජනරාල්වරයා කීය.

එම හදිසි අවශ්‍යතාව සනාථ කරන ලියකියවිලි 0706311711 දුරකථනයට WhatsApp ඔස්සේ යොමු කළ පසු ඔවුන්ට අයදුම්පත් භාරදීම සඳහා කඩිනම් දිනයක් ලබාදෙන බව ද පාලක ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කරයි.

(Visited 146 times, 1 visits today)

Thamali Darshanie

1 comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed