Govdoc Blog

පළාත් හයකට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි අපේක්ෂා කෙරේ

Weather

සබරගමුව, මධ්‍යම, උතුරුමැද, ඌව, දකුණු සහ වයඹ පළාත්වල අද (29) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල අහස වළාකුලින් බරව පවතින අතර නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල උදෑසන කාලයේ ද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

සබරගමුව, මධ්‍යම, උතුරුමැද, ඌව, දකුණු, වයඹ සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා පැවසීය.

ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක තද වැසි ඇති විය හැක.

සුළං නිරිත දෙසින් හෝ දිශාවෙන් විචල්‍ය විය හැකි අතර සුළගේ වේගය පැ.කි.මී. 20-30 පමණ වේ. ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 40 දක්වා ඉහළ යා හැකියි.

ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ මධ්‍යස්ථ වේ. දිවයින වටා වන අනෙකුත් මුහුදු ප්‍රදේශ තරමක් හෝ මධ්‍යස්ථ වේ.

(Visited 67 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed