Govdoc Blog

අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් පාසල් සිසුන්ට උපදෙස්

Advice

පවතින අධික උෂ්ණත්වය මත පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසද පාසල් ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී ඇති බවයි අදාළ මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙන්නේ.

දහඩිය දැමීම හේතුවෙන් විජලන සහ ලව​ණ ඉවත්වීම හේතුවෙන් ඇති වන මස් පිඬු පෙරළීම, අධික මහන්සිය සහ ආඝාත තත්ත්වයන් ඉහළ යාම මෙහි බරපතළ තත්ත්වයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

එමෙන්ම පාසල් ක්‍රියාකාරකම්වල නිරත වීමේ දී අධික උෂ්ණත්වය පවතින දිනවල සිසුන් එළිමහනේ හෝ ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වැළැක්වී​ම මෙන්ම විවේක කාලයේ දී දැඩි හිරු එළිය සහිත එළිමහනේ ගත කිරීම හා ක්‍රීඩා කිරීමෙන් වළක්වා ගත යුතු බවයි සෞඛ්‍ය අංශ දැනුම්දෙන්නේ.

අත්‍යවශ්‍ය නොවන අවස්ථාවල දී සිසුන් පාසලෙන් ඉවතට යැවීම වළක්වා ගැනීමත් අධික උෂ්ණත්වය සහිත දිනවල නිවාසාන්තර ක්‍රීඩා හා පුහුණුවීම් කටයුතු නැවැත්විය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ​ය නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ වැඩිදුරටත් දැක්වෙනවා.

අදාළ මාර්ගෝපදේශ මාලාව පහතින්.

 

Weather

weather

(Visited 156 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed