ඛනිජ තෙල් මිල සූත්‍රයට අනුව ඉන්ධන මිලේ වෙනසක් නොවන බවත් සියලුම ඉන්ධන වර්ගවල පැවැති මිල තව දුරටත් ක්‍රියාත්මක බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසීය.
ඛනිජ තෙල් මිල සූත්‍රයට අනුව ඊයේ (15) අගෝස්තු මස මැද මිල සංශෝධනය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණ ද සංශෝධනයක් නොවන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 450 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 540 ක්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 430 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 510 ක් ලෙස තව දුරටත් පවතී.
(Visited 71 times, 1 visits today)


govdoc blog
Add comment